පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉන්දියාවේ මුම්බායිහිදී යි.
දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන පොඩි ලැසී ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදායි.
පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබූ අතර එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ආරක්ෂක අංශ සැක පළකළේ ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවයි.
මෙම අපරාධකරුවන් දෙදෙනා මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවයි පසුගිය ආරක්ෂක අංශ පවසා සිටියේ.
එවැනි පසුබිමකයි පොඩි ලැසී ඉන්දියාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.