ජනාධිපති අනුර දිසානායක මහතා සිය මීළඟ විදෙස් සංචාරය ලෙස ඇමෙරිකාව බලා පිටත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරනවා.
ඉන් අනතුරුව ජපානය නිල සංචාරයක ජනාධිපතිවරයා නිරත වනු ඇති බව ඔහු සඳහන් කළා.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු කලාපීය බලවතුන් වශයෙන් ඉන්දියාව සහ චීනයට සංචාරය කරන ලද ඔහු පැවසූ අතර ලෝකයේ සියලු රටවල් සමඟ ආර්ථික හා සංස්කෘතික බැඳීම් වර්ධනය කර ගැනීම සඳහා මෙම සංචාරයන් වල නිරත වන බවත් ප්රකාශ කෙරුණා.