රිවිර පුවත්පතේ ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට එල්ල කරන ලද ප්‍රහාරය එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා මැදිහත්ව සිදුකරන ලද්දක් බව 2010 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට දුරකථනයෙන් සඳහන් කළ බව තෙන්නකෝන් මහතා පවසා තිබේ.
අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2016 වසරේදී පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී තමන්ට පහරදුන් පුද්ගලයෙකු හඳුනාගත හැකිවූ බවයි.
නමුත් අදාළ පර්යේෂණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මගින් වාරණය කරනු ලැබූ බව ඔහු චෝදනා කළා. ඒ වගේම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් අමතා පැයක කාලයක් තුළ බැන වැදීමේ සිද්ධියක් ද සිහිපත් කළේය.
තෙන්නකෝන් මහතා පැවසූවේ වර්තමාන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් මාධ්‍යය වෙත විවිධ චෝදනා එල්ල කිරීම ඔහු කිසිදාක අනුමත නොකරන බවයි.
තමන් ඇතුළු මාධ්‍යවේදීන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳව යුක්තිය ඉටු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැපවනු ඇති බවට විශ්වාසයක් තිබුනද, දැන් එම බලාපොරොත්තු අඩුවන බවත්, ඒ අතර අපරාධ වසන් කිරීමේ සුක්ෂම වැඩපිළිවෙලක් පවතින බවත් ඔහු සඳහන් කළා.