මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරනවා.
ඒ හරහා දෙමළ ජාතීන්ගේ ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමංතිරන් මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් එය මහතා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත් ආණ්ඩුව පත්වී ගතවන්නේ මාස හතරක පමණ කාලයක් නිසා ඒ සඳහා ඔවුන්ට යම් කාලයක් ලබා දිය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.