2025 ජනවාරි 31 වන දිනට පෙර ශ්‍රී ලංකා රග්බි මැතිවරණ අවසන් කරන්නැයි ලෝක රග්බි අනතුරු අඟවයි
ශ්‍රී ලංකා රග්බි වාර්ෂික මහා සභා රැස්වීම (AGM), මුලින් 2025 ජනවාරි 21 වන දිනට නියමිතව තිබුණද, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා මේ වන විට එය කල් දැමීමට තීරණය කර තිබෙනවා. ආසියානු රග්බි ඇතුළු ප්‍රධාන පාර්ශවයන් විසින් මතු කරන ලද ව්‍යවස්ථාමය සහ මැතිවරණ ගැටළු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ලෝක රග්බි, AGM සහ ව්‍යවස්ථාමය සංශෝධන සඳහා 2025 ජනවාරි 31 දින අවසාන දිනයක් ලෙස නියම කර ඇති අතර මෙම දිනය තුළ මෙම කටයුතු අවසන් නොවන්නේ නම්, ශ්‍රී ලංකා රග්බි දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බවයි වාර්තා වන්නේ. ඒ අතර, ලෝක රග්බි විසින් සම්බාධක හෝ අත්හිටුවීමක් පැනවීමේ ඉඩක්ද තිබෙනවා.
ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම ගැටළු පිළිබඳ විමර්ශන අවසන් කර, AGM නැවත සැලසුම් කරන බවයි. මෙම තීරණය, ව්‍යවස්ථානුකූල පාලනය සහ ශ්‍රී ලංකා රග්බි හි විනිවිදභාවය සහතික කිරීමේ අරමුණින් ගෙන තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, අදාළ ප්‍රධාන පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් ගැටළු විසඳාගැනීමට සියලු කටයුතු කරන බවයි.
ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකා රග්බි, සිය නීතිපත්ර අලුත් කර, AGM සහ මැතිවරණ නිසි පරිදි නිම කරන්නේ නම්, ලෝක රග්බි වල විශ්වාසය නැවත දිනා ගැනීමට හැකියාව ලැබේවි.