ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලෙී මහත්මිය සඳහන් කර සිටිනවා.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පළ කළා.
දෙරණ නාලිකාවෙන් සමුගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි වෙසෙන ඇය තම සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබෙනවා.
“ජනාධිපතිතුමනි, ඔබ රටේ බහුතරයක කැමැත්තෙන් ජනවරම ලබා ගත්ත ජනාධිපතිවරයා,හිටපු ජනාධිපතිවරයාගෙ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් ආරක්ෂකයෝ දෙතුන් දෙනෙක් දුන්නත් ප්‍රශ්නයක් නෑ.එහෙම කරන්න පුළුවන් නං ඒක වඩා හොඳයි.හැබැයි තවමත් ගැලරිය පිනවන ලාභාල කතා ජනාධිපතිවරයෙක්ට සුදුසු නෑ.තඹුත්තේගම නෙවෙයි මොන තූත්තුකුඩියක ඉඳලා ආවත් ඔබ දැන් රටේ ජනාධිපති”