අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවටත් නියෝග කර තිබෙනවා.
ඊට අමතරව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටයි නියෝග කර ඇත්තේ.
ඒ අනුව අදාල සිද්ධිය සැකකරුවන් වශයෙන් නම් කර තිබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස්. අමරසේකර සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කළ අනුර සෙනෙවිරත්න යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.