මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, වසීම් තජූඩින් ඝාතනයන් සිදුවී දැන් බොහෝ කාලයක් ගතවන නිසා එම ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ දුෂ්කරතා මතුව ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.
වසර දාසයකට පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී පරීක්ෂකයන්ට දුෂ්කරතා මතුවෙමින් ඇති බවද ඔහු කියා සිටියා.
මෙම සිදුවීම් වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙක් මියගොස් ඇති බවත් තජුඩින් ඝාතනය පරීක්ෂණ කළ අධිකරණ වෛද්‍යවරයාද මියගොස් ඇති බවත් ඔහු පවසා සිටියා.
කෙසේවෙතත් මේ තත්ත්වයන් නිසා මෙම පරීක්ෂණයට දුෂ්කරතා මතුව ඇති නමුත් යුක්තිය ඉටු කරන බවද ඔහු කියා සිටියා.
පෞදගලික රූපවාහිනියක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.