පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිලදී ගැනීමේ දී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කල ගාස්තු රුපියල් 1,550කින් ඉහළ දැමීමට අද රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.
මේ අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600 දක්වා ද රුපියල් 300ක් ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50ක් ව අය කළ ගාස්තුව ඉහළ දමා ඇත්තේ, රුපියල් 200 දක්වායි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.