මාන්කුලම් ප්‍රදේශයේ දී සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
48 හැවිරිදි මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළා.
ගෙල කඹයකින් සිරකර අමානුෂික ලෙස ඝාතනය කර තිබූ සුනඛයෙකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම් පොලීසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය වල පළ වී තිබුණේ මුලතිවු ඔට්ටුසුඩාන් සමථ මණ්ඩලයක් විසින් ලබාදුන් අමානුෂික තීන්දුවක් මෙම සුනඛයා ඝාතනයට හේතු වී ඇති බවයි.