බැංකු පනත යටතේ නීති විරෝධී කටයුතුවල නියැලී ඇති බවට මහ බැංකුව විසින් තීරණය කරන ලද නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රම 20ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් තවමත් කිසිදු නඩු කටයුත්තක් අවසන් කර නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
පැරණිතම පිරමීඩ යෝජනා ක්‍රම 2011 දී මහ බැංකුව විසින් තීරණය කරන ලද අතර එහි නීතිමය ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතින බව අධිපතිවරයා පෙන්වා දෙනවා.
මෑතකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමකදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කළා.
බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ යම් ආයතනයක් නීති විරෝධී කටයුතුවල නියැලී සිටීද යන්න මහ බැංකුව විමර්ශනය කර තීරණය කරන බවත්, තීරණය කිරීමෙන් පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවත් අධිපතිවරයා සඳහන් කළා.
“CID එක තවදුරටත් විමර්ශනය කර පසුව නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනවා. අපි 2011 දී පළමු නීති විරෝධී යෝජනා ක්‍රමය හඳුනා ගත්තා. නමුත්, එය තවමත් ක්‍රියාවලියේ පවතිනවා,” යනුවෙන් ඔහු සඳහන් කළා.
මේ සඳහා නඩු පැවරීමේ අධිකාරිය සහ අධිකරණ ක්‍රියාවලිය වැනි සියලුම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් දැවැන්ත උත්සාහයක් දැරිය යුතු බව ඔහු ප්‍රකාශ කර සිටියා.
“සමහර නඩු ගොනු කළත්, නඩුව අවසන් කිරීමට දිගු කාලයක් ගතවෙනවා,” යැයි ද ඔහු සඳහන් කළ අතර “හොඳම ක්‍රමය වන්නේ මූල්‍ය සාක්ෂරතාව මගින් මෙම යෝජනා ක්‍රමවලට පුද්ගලයන් ඇතුළුවීම වැළැක්වීමයි,” යනුවෙන් ඔහු සඳහන් කළා.
ක්‍රියාවලියේ ඇති අඩුපාඩු හේතුවෙන් මහ බැංකුව වැඩි දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරන බව අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.