
පිටකොටුව ප්‍රදේශයේ අලෙවි වන සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
කුඩා පොල් ගොඩියක් රුපියල් 180-210ක මිලක පවතින අතර ලොකු පොල් ගෙඩියක් රුපියල් 250-270ත් අතර මිලකට අලෙවි වනවා.
රුපියල් 190කට තොග වෙළෙඳුන්ගෙන් මිලට ගෙන නරක් වූ හා හානිවන ඒවා ඉවත් කර ගෙඩියක් 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බව සිල්ලර වෙලදුන් ප්‍රකාශ කරනවා.
පාරිභෝගිකයෙක් පවසන්නේ මෙම තත්වයට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවයි.
මේ අතර ගාන ලද පොල් කවර වලට දමා අලෙවි කිරීමට තිබෙන අයුරු කොළඹ නගරයේ බොහෝ ස්ථානවල දක්නට තිබෙනවා.
රුපියල් 200 ඉක්මවූ මිලකට මෙසේ අලෙවි කරමින් ඇත්තේ ගෙඩියක පොල් යැයි වෙළඳුන් පවසනවා.
රට පුරා මේ වන විට පොල් හිඟයක් නිර්මාණ වී ඇති අතර පොල් මිලද රුපියල් 200 ඉක්මවා තිබෙනවා.
තරමක් විශාල ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 250ක් තරම් ඉහළ මිලකටද අලෙවි කරන අවස්ථාද තිබෙන බවට වාර්තා වනවා.