
කටාන ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමට අදාළව ශ්රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර පළාත් පාලන ඡන්දයට තරග කරන හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර, පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබුණා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් අදාළ හිටපු ප්රාදේශිය සභා මන්ත්රීවරයාට තියුණු ආයුධයකින් පහර දී තිබූ අතර, එහිදී හිටපු මන්ත්රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් ඔහුට වෙඩි තබා තිබුණා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයා ද මීගමුව මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.