![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2025/01/888-7.jpg)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සන සහිත බවට කියන විශේෂ නියෝගයක් අඩංගු ලිපියක් ආරක්ෂක අංශ වෙත නිකුත් කර ඇති බවට චෝදනා ඇතිව, එය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට දන්වා තිබෙනවා.
දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට ඔහුගේ කටයුතුවලට ඉඩදිය යුතු බව සඳහන් කරමින්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, එවකට ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත එම ලිපිය යවා ඇති බව පැවසෙනවා. එය සත්‍ය ලිපියක්ද නැත්නම් ව්‍යාජ එකක්ද යන්න සොයාබැලීම සඳහා CID විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය දැනුවත් කර ඇති බවත් සඳහන් වනවා.
එම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යවා ඇති බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නද මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කර තිබෙනවා.
සියලු කරුණු සොයා බැලීමෙන් අනතුරුව, එය සත්‍ය ලිපියක්ද නැතිනම් ව්‍යාජ ලිපියක්ද යන්න පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණ අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස CID නිලධාරීන්ට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.