
හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට කිසිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා.
නමුත් තම අරමුදල සහ ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති වැඩ පිළිවෙලේ පරාමිතීන් තුළ ඒ සියලු සහන ලබාදිය යුතු බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.
කිසියම් සහනාධාරයක්, වැටුප් වැඩි කිරීමක් ආදී වියදමක් ආණ්ඩුව සිදු කරන්නේ නම් එය රාජ්‍ය ආදායම සඳහා එම මුදල උපයා ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
එම පරාමිතීන් ඇතුළත අයවැය ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීම සඳහා විධායක මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මෑතකදී ඇමරිකාවේදී පැවති මාධ්‍ය හමුවකදීද මේ බව පැවසූ අතර කොළඹ කාර්යාලයද මේ බව මහ බැංකුව වෙත සන්නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.