![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2025/01/4-18.jpg)
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා.
ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වන විට කමිටු වාර්තාව බාර දී ඇති බවද ඔහු කියා සිටියා.
නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු කියා සිටියා.
මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව දන්වා ඇති බවයි.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇතැයිද පැවසෙනවා.
හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා කමිටුවක් පත් කළා.