
හෘදය ආශ්රිත රෝගවලදි කපාට අවහිර වී තිබේ දැයි නිශ්චය කර ගැනීම සඳහා සිදු කරන (Angiogram) ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රය මාසයක පමණ කාලයක සිට අක්‍රීය තත්ත්වයේ තිබෙනවා.
ගාල්ල ජාතික රෝහලට එම පරීක්ෂණ කටයුත්ත සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ට එම පරීක්ෂන නොහැකිවීමෙන් තම ජීවිත මරණය අබියස දැඩි අවදානමකට ලක්ව ඇති බවයි රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ.
මෙම පරික්ෂාව සඳහා සායන රෝගීන්ට දැනට දිගු පෝලිමක් තිබෙන බවත් ඔවුන්ට මේ සඳහා දින ලබාදෙනු ලබන්නේ ලබන වසරේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙම යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් මෙම පරීක්ෂාව සඳහා දින ලබාගත් රෝගීන්ට පවා එය සිදුකර ගැනීමට නොහැකිව දැඩි ජීවිත අවදානමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
පෞද්ගලික වෛද්‍ය අංශයෙන් මෙම පරීක්ෂණය සිදුකර ගැනීමට විශාල මුදලක් වැය කළ යුතුව ඇති හෙයින් මෙම අසරණ රෝගීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම යන්ත්‍රය හැකි ඉක්මනින් යථා තත්වයට පත්කර තම පරීක්ෂණ සිදුකර ගැනීමට හැකි පරිසරයක් ගාල්ල ජාතික රෝහලේ ඇති කරන ලෙසයි.
මේ වන විටත් මෙම යන්ත්‍ර අක්‍රිය වීමෙන් හෘදය ආශ්‍රිතව රෝග ඇති ඉතා විශාල පිරිසකගේ ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි ඔවුහු පවසන්නේ.
දකුණු පළාතේ ගාල්ල, මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අමතරව පිට පළාත්වල රෝගීන් රැසක් ද මේ හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා.
මේ අතර ජාතික රෝහලක් ලෙස උසස් කර ඇති ගාල්ල ජාතික රෝහලට පැමිණෙන හෘද රෝගීන්ට සහ දැනට පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරිම සඳහා අක්‍රිය වී ඇති ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රය ප්‍රමාණවත් නොවන බවත් පවතින තදබදය අවම කර එම කටයුතු සමාන්‍ය ලෙස පවත්වාගෙන යෑම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු තවත් ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයක අවශ්‍යතාවයද දැඩිව මතුව ඇති බව ගාල්ල ජාතික රෝහලේ සේවයේ නිරත සෞඛ්‍ය අංශ පවසනවා.