සෞර්යා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ගුවන් ගත වීමේදී කඩා වැටී තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු 19 දෙනෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ. මූලික තොරතුරුවලට අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරට පත් ස්ථානයේ තිබී මළ සිරුරු දහඅටක් සොයාගෙන ඇති බවයි.
ගුවන් යානය ධාවන පථයෙන් ලිස්සා යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යානයේ කපිතාන් ලෙස කටයුතු කළ එම්ආර් ශාක්‍යා කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා.
ඇසින් දුටුවන් පවසන්නේ ගුවන් යානය ධාවන පථයේ දකුණු කෙළවරින් ගුවන්ගත වෙමින් තිබූ අතර පියාපත් බිම වැදීමත් සමඟ එක්වරම පෙරළුණු බවයි. යානය ක්ෂණිකව ගිනි ගත් බවත් එහිදී ප්‍රකාශ වී තිබෙනවා.
ගුවන් තොටුපළ තුළ ඝන දුමාරයක් දක්නට ලැබෙන බවත් පොලිසිය සහ ගිනි නිවන භටයන් අනතුර සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් සිදු කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.