ඉලිනොයිස් හි සුදු පොලිස් නිලධාරියකු කළු ජාතික කාන්තාවකට වෙඩිතබන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිවසට අනවසරයෙන් ඇතුළු වන්නෙකුට බියෙන් පොලිසියට කතා කළ අදාළ කාන්තාවකට පොලිස් නිලධාරීන් මෙලෙස ඇයගේ නිවෙස තුළදීම වෙඩි තබා මරාදමා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව 36 හැවිරිදි වියේ පසුවන Sonya Massey නම් කාන්තාවක්.
ඉලිනොයිස් ප්‍රාන්තයේ අගනුවර වන Springfield හි පිහිටි ඇයගේ නිවසේදී මෙම ඝාතනය සිදුව තිබුණා.
මැය පොලිසියට කතා කර තිබුණේ කවුරුන් හෝ තම නිවසට කඩාවැදීමට උත්සාහ කරන බව සිතූ නිසයි.
ඇයගේ බෙල්ලේ පිටුපසින් සහ ඇසට පහළින් වෙඩි උණ්ඩ කිහිපයක් එල්ලවී ඇති අතර පසුව එහි පැමිණි වෛද්‍යවරුන් ඇයව අසල පිහිටි රෝහලකට ගෙන ගිය යනවිටත් ඇය මියගොස් ඇති බව වාර්තා වනවා.