රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා තිබූ අතර බුද්ධි අංශ නිලධාරියා සිය බිරිඳ සමග ඔහුගේ මෝටර් රථයට නැගීමෙන් අනතුරුව එම බෝම්බය පුපුරා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වුණා.