
පෙබරවාරි 17 සිට ආරම්භ වන අයවැය විවාද සමය තුළ විදේශ සංචාර වලින් වළකින්නැයි ජනාධිපති කාර්යාලය අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපති ලේකම් එන්. එස්. කුමානායක විසින් මෙම උපදෙස් අඩංගු චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා සම්බන්ධ නිලධාරීන්ට යොමු කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර දිසානායක මහතාගේ පළමු අයවැය පෙබරවාරි 17 දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි සහ තෙවැනි කියවීම් සඳහා විවාදය පෙබරවාරි 18 දින ආරම්භ වී මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම කාලසීමාව තුළ අමාත්‍යවරුන්ගේ නිල හෝ පුද්ගලික විදේශ සංචාර අවම කරනු ඇත. අත්‍යවශ්‍ය අවස්ථා සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මඟින් නියෝජනය සපයන ලෙස කටයුතු කරන බවද ජනාධිපති කාර්යාලය පවසනවා.
ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර වලින් වැළකිය යුතු බවත්, විවාද කාලසීමාවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගි වීම අත්‍යවශ්‍ය බවත් කාර්යාලය අවධාරණය කරනවා.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙන අතර, අයවැය කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 දින ආරම්භ වී මාර්තු 21 දිනට අවසන් වනවා.