
කැනඩාවේ කාර්යබහුල ටොරොන්ටෝ පියර්සන් අන්තර්ජාතික ගුවන්තොටුපළට මගීන් 80 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් ගොඩබෑමේදී පෙරළී ගොස් තිබෙනවා.
අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වනවා.
කෙසේවෙතත් අංක 4819 දරන ගුවන් යානයේ සිටි සියලුම පුද්ගලයන් කඩිනමින් ඉන් ඉවත් කර තිබෙනවා.
ඡායාරූප සහ වීඩියෝවල යානයෙන් ගිනිදැල් සහ කළු දුමාරයක් නැඟී එන ආකාරය සහ ඉදිරිපස සහ පසුපස දොරවල් වලින් මගීන් පිටතට පැමිණෙන ආකාරය පෙන්නුම් කරයි.