
UK මූල්‍ය අමාත්‍ය රේචල් රීව්ස් විසින් තම වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳව විකෘති කරක ඉදිරිපත් කර ඇති බව අනාවරණය වීමත් සමඟ දැඩි විවේචනයක් ඉස්මතු වී ඇත. ඇගේ Who’s Who පැතිකඩට අනුව ඇය Journal of Political Economy සඟරාවට දායක වූ බව සඳහන් වුවද, ඇගේ සැබෑ ලිපිය පළවී ඇත්තේ එතරම් ප්‍රසිද්ධ නොවන European Journal of Political Economy හිදීය.
එමෙන්ම, ඇය Bank of England හි සේවය කළ කාල සීමාවද අතිශයෝක්තිකරණය කර ඇති බව හෙළි වී ඇත. ඇගේ LinkedIn ගිණුමට අනුව ඇය එහි සේවය කළ කාලය සැබෑ දත්තවලට වඩා මාස 9 කින් වැඩිව පෙන්වා තිබුණි. ඇගේ කණ්ඩායම මෙය කළමනාකාරී දෝෂයක් ලෙස පිළිගෙන ඇති නමුත්, මෙවැනි කරුණු ඇගේ විශ්වසනීයභාවයට බරපතල අභියෝගයක් වී ඇත.
කෙසේවෙතත් මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ පසුගියදා සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් මතක් කරයි. පාර්ලිමේන්තු කථානායක අශෝක රන්වල පිළිබඳවද එවැනි චෝදනා එල්ල වී තිබුණි. ඔහු ජපානයේ වාසෙඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් සහ මොරටුව විශ්වවිද්‍යාලයෙන් රසායනික ඉංජිනේරු උපාධියක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළ නමුත්, එම සුදුසුකම් තහවුරු කළ නොහැකි වීමෙන් දින 22කට පසු ඔහු ඉල්ලා අස්විය.
මෙම සිදුවීම් දෙකම නායකත්වයේ විශ්වාසනීයභාවය සහ පාරදෘශ්‍යතාවය කොපමණ වැදගත්ද යන්න නිරූපණය කරයි. වෘත්තීය සුදුසුකම් හෝ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම මහජන විශ්වාසය හා රාජ්‍ය ආයතනවල ගෞරවය බිඳවැටෙනු ඇත.