
ඉදිරි අප්‍රේල් මාසය අවසානය පමණ වන විට නව මුදල් අමාත්‍යවරයෙක් පත් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
තම සමාජ ජාල නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව දැනට ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වී නව මුදල් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව ලබා දෙනු ඇති බවයි.
එසේ පාර්ලිමේන්නතුවට පත් වීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිතව ඇත්තේ මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයෙක් යයිද තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කියා සිටිනවා.
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය බාරගන්නා ලෙස ඔහුගෙන් කලින් ඉල්ලා තිබුණත් පසුව මුදල් අමාත්‍ය ධුරයම යෝජනා වී ඇති බවද හෙතෙම කියා සිටියා.
වරුණ රාජපක්ෂ මහතා මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරමින් ආසන සංවිධායක ධූරයක් දරන අතර කලකට පෙර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පලාත් සභා මන්ත්‍රීවරයෙක්ව සිටියා.