
මන්නාරම මහ රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
රෝහල් වාර්තා අනාවරණය කරන ආකාරයට මෙම විශේෂඥ වෛද්‍යවරයා දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව ඇති බවයි පැවසෙන්නේ.
දින කිහිපයක් සිට ඔහුගේ දුරකතනයද අක්‍රියව ඇති බවත් ඔහු සේවයෙන් ඉවත්ව ඇති බව තහවුරු කෙරෙන පණිවිඩයක් මිතුරකුගේ දුරකතනයකට යොමුකර ඇති බවත් වාර්තා වනවා.
මෙම ගැටලුව හේතුවෙන් මන්නාරම රෝහලේ ළමා වාට්ටුවේ කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, ගැබිණි මව්වරුන් සහ බිළිඳුන් වව්නියාව මහ රෝහලට මාරුකර යවා ඇතැයි වාර්තා වැඩිදුරටත් වාර්තා වනවා.