
විදේශ සෘජු ආයෝජන (FDI) රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, ඉන්දීය බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය බීබීසී ලෝක සේවයට ඉන්දියන් රුපියල් කෝටි 3.44 (ඩොලර් 397,980) කට වඩා දඩ නියම කර ඇති බව වාර්තා වනවා.
විදේශ විනිමය කළමනාකරණ පනත යටතේ සිදුකළ විනිශ්චයකින් අනතුරුව, බීබීසී ලෝක සේවාවේ අධ්යක්ෂවරුන් තිදෙනෙකුටත් රුපියල් කෝටි 1.14 කට වඩා දඩයක් නියම කරමින්, අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2023 අප්‍රේල් මාසයේදී, දිල්ලි සහ මුම්බායි හි විකාශක කාර්යාල සෝදිසි කිරීමෙන් මාස දෙකකට පසු, ඉන්දීය අධිකරණ බලධාරීන් විසින් බීබීසී ආයතනයට එරෙහිව විදේශ විනිමය කළමනාකරණ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බවද වාර්තා වනවා.