
සුඛෝපභෝගී ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ගසක ගැටී සිදුවූ අනතුර හේතුවෙන් රියදුර හා තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
යාපනය පලාළි මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යාපනය වැඩ බලන දිස්ත්රික් ලේකම්ගේ නාම පුවරුව සහිතව මෙම ජීප් රථය ධාවන කර ඇත්තේ ඔහුගේ පුත්රයා වන අතර ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද වාර්තා වනවා.
ඒ මොහොතේ රථයේ නිල රියදුරා නොසිට ඇති බවද වාර්තා වී තිබෙනවා.