
රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට සූදානම් වන බවට ප්‍රකාශ කළද, එම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වාහන 18ක් පමණක් බව ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පවසනවා.
නමුත් ආණ්ඩු මාරුවෙන් අනතුරුව ගාලු මුවදොර පිටියේ ගොඩ ගසා තිබූ වාහන 107ක ලැයිස්තුව එකල වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ජනතාවට හෙළිදරව් කළ බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
ඒ අනුව ඉතිරි වාහනවල තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු ඇති බවත්, ඉතිරි වාහන කුමන තත්ත්වයට පත්වී ඇතිදැයි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීයි.