
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියා.
පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද දිවයිනේ සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා සාකච්ඡා කළ බව ඔහු පැවසුවා.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම අදහස් පල කරනු ලැබුවා.
“පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීම් දැන්වීම් නිකුත්කරලා අවසන් .ඒ අනුව කොට්ඨාස 4872ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මේ මැතිවරණය පැවැත් වෙන්නේ. ඒ සඳහා 17,296,330ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා. 2024 ජනවාරි මාසයේ 31 දක්වා ගත්තොත් ඊට අදාළ අද දිනයෙදී සියලුම් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්වරුන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු සමග මෙත කමිෂන් සභාවේ සභාපතිවරයත්, සමාජික මහත්මීන් සහ නිලධාරී මණ්ඩලය සකච්ඡාවක් පවත්වනු ලැබුවා.”