
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්රණ, වැඩමුළු සහ සමාජ මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු (11) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඒ අනුව එවැනි සියලුම කටයුතු ලබන අඟහරුවාදා සිට තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු (17) වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 2024 අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 26 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.