
රජයේ මංගල අයවැය හරහා රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළා.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර තිබෙනවා.
මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිය ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (17) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා සඳහන් කළා.
කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාධාරණ බව සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු චලිත් අමරදිවාකර මහතා සඳහන් කළා.