
එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය සැලකිල්ලට ගෙන විශේෂ දුම්රිය කිහිපයක් ඉදිරියේ දී ධාවනයට එක්කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙවර පාසල් නිවාඩුව ආරම්භ වීමත් සමග මෙම විශේෂ දුම්රිය සේවාවන් ආරම්භ කිරීමට නියමිතයි.
දුම්රිය මගින් උඩරට මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය වෙතත්, අනතුරුව බස් රථවලින් නල්ලතන්නිය දක්වා පැමිණ ශ්‍රී පාදය වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා.
මේ නිසා ඉදිරි දිනවලදී එම දුම්රියන් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසා සිටිනවා.