
පළාත් පාලන මැතිවරණයට අදාළ ලිපි ලේඛන මුද්‍රණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊට අදාළ උපදෙස් හා ලිපි ලේඛන මේ වන විට රාජ්‍ය මුද්‍රණාලයට භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම ලබන 17වනදා ආරම්භ වන අතර මෙම කටයුතු ලබන 20වනදා දහවල් 12.00න් අවසන් වන බවයි වාර්තා වන්නේ.