
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්තය අතර තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (14) පැවති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ක්රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීල්ත ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.1කදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
මෙය ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ලැබූ පළමු විස්සයි20 ජය ලෙස වාර්තා අතරට එක්වුණා.