
පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය.
ඒ අනුව 2024.02.29 වැනි දින දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට පත්ව ඇති අතර, ඔහු තවමත් එම ධුරයේ කටයුතු කරනු ලබනවා.
කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් මේ වන විට සිටින්නේ අධිකරණ නියෝගයකට අනුව දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ලෙස විශේෂ ආරක්ෂාවක්ද යටතේයි.
වැලිගම W15 හෝටලය පොලිස් නිලධාරීන් යොදවා ප්‍රහාරයක් එල්ල කිරීම සහ එහිදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම යන සිදුවීම් ආශ්‍රිතව ඔහුට අපරාධ චෝදනා ගණනාවක් එල්ලවී තිබෙනවා.