
යුක්රේන යුද්ධයටත් ශ්‍රී ලංකා මැදිහත් වීමට යන්නේදැයි සැකයක් මතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරනවා.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව කියා සිටියේ බදුල්ලේ දී පැවති ජන අරගල සන්ධාන මැතිවරණ ජන හමුවක් අමතමින්.
‘යුක්රේන යුද්දෙටත් ලංකාව මැදිහත් වෙන්න යනවද සැකයක් තියෙනවා. යුරෝපා එක්සත් හමුදාවක් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා යුක්ත යුද්දෙට. ඒකට ශ්‍රී ලංකාවේ හමුදාව බටයෝ දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ රුසියාව ඇවිල්ලා ලංකාවට ගැහුවොත් එහෙම වග කියනවද’