
පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පැහැදිලි කරමින් ඔහු ඒ බව කියා සිටියා.
“පොලිස්පතිවරයාව ඉවත් කරන්න යෝජනාව ගෙනාවම.. විමර්ශන කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විසින් නම් කරනවා දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. පොලිස් කොමිසමේ සභාපතිවරයා, ඊළඟට පරිපාලනයේ ඉහළ නිලධාරියෙක්. මේ තුන්දෙනා අර ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙන සියලුම කරුණු සලකාබලා ඒ අය නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් සමග අඩකට වඩා වැඩි සංඛ්‍යාවකින් සම්මත වුණොත් තමයි පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ.”
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අද කථානායකවරයාට භාර දුන්නා.
ඒ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුවයි.
මේ අතර මෙම යෝජනාවට සමගි ජන බලවේගයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අද ප්‍රකාශ කළා.