
රාජගිරියේ පිහිටි උත්සවශාලා ශාලාවක ඊයේ රාත්රියේ හදිසි ගින්නක් හටගෙන තිබුණා.
මෙම ගින්න හටගෙන ඇත්තේ රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන් මහා තරඟය පැවැත්වෙමින් තිබියදීයි.
කෙසේවෙතත් ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
ගිනි නිවීමේ ඒකක මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.