
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහත්වරුන් ඉදිරියේ සිදු කෙරුණා.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් බලශක්ති, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සහ ප්‍රදාන ආධාර පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම සිදු වුණා.
ඒ් අනුව
- විදුලිබලය ආනයනය/අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර්සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
- ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ ක්ෂේත්රයේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
- ත්රිකුකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වූ ත්‍රයිපාර්ශවීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
- ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්රාමිමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
- ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
- ඖෂධ සංග්‍රහ සහයෝගීතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
- නැගෙනහිර පළාතේ බහු-ආංශික ප්‍රධාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා විසින් හුවමාරු කර ගනු ලැබුවා.
දෙරටේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී සිදුවුණා.
බලශක්ති ආනයන අපනයන
ඩිජිටල් පරිවර්තන
ආරක්ෂක සහයෝගීතා
නැගෙනහිර පළාතේ බහු ආංශික ප්‍රධාන සහයෝගීතා
ඖෂධ හා සෞඛ්‍ය
ඉන්දීය ඖෂධ සමාගම හා ජාතික ඖෂධ නියාම අධිකාරිය අතර ගිවිසුම ත්‍රිකුණාමල බල ශක්ති මධ්‍යස්ථාන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම