
අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මීට පෙර චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණා.