
ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය 2025 ජනවාරි 1 සිට අප්‍රේල් 9 දක්වා කාලය තුළ ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය රටවල් දෙකෙහි ජනතාව අතර අතර සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කිරීමක් බවයි එම විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන්දියාවේ චීන තානාපති Xu Feihong පවසන පරිදි, 2025 අප්‍රේල් 9 වන විට, ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල මේ වසරේ චීනයට යන ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 85,000කට වඩා නිකුත් කර තිබෙන අතර ඔහු X හි සටහනක් තබමින් සඳහන් කළේ, “චීනයට පැමිණීම, විවෘත, ආරක්ෂිත, විචිත්‍රවත්, අවංක සහ මිත්‍රශීලී චීනයක් අත්විඳීමට තවත් ඉන්දියානු මිතුරන් සාදරයෙන් පිළිගනිමු. ”
එමෙන්ම ඉන්දියාව සහ චීනය අතර ගමන් පහසු කිරීම සඳහා චීන රජය ලිහිල් කිරීම් කිහිපයක් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.