
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවයි.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියා.