
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
මහනගර සභා, නගර සභා සහ ප්රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණ තිබුණා.
ඒ අනුව අද පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරනවා.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවද ඔවුන් කියා සිටියා.