අමෙරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රකට දානපති ඉංජිනේරුවෙකු වූ ජොහාන්ස් ලූඩෝස් මහතා කැලිෆෝනියාවේ සරණ හිමි නමින් කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාමයේදී සසුන්ගත වුණා. ඒ ගලගොඩ ශෛලතලාරාමාධිපති කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙසයි.
බුදු දහම ගැන දීර්ඝ අධ්‍යනයකින් පසු බුදු දහම පිළිබඳව පැහැදී තමා මෙසේ සසුන්ගත වූ බව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැලිෆෝනියාවේ සරණ හිමි කියා සිටියා.
තමා ගිහියෙකුව සිටින කාලයේදී වෘත්තීමය ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් ව්‍යාපාරිකයෙකු ලෙස සාර්ථක වෙමින් මේ වන විට මිලියන ගණන් මුදල් හරිහම්බ කරගෙන සිටින බවත් ඒ කිසිවකින් තමාට නොලැබුණු සතුට බුදු දහමින් ලැබුණු බවද උන්වහන්සේ කියා සිටියා. මෙහි සියලුම ගෞරවය සහ පිං සිය ගුරු හාමුදුරුවන් වන කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ට ලැබිය යුතු බවත් උන්වහන්සේ තමාට ගැඹුරු බුදු දහම ඉතා සරලව අවබෝධ කර දුන් බවද උන්වහන්සේ කියා සිටියා.
විදෙස් රටක පළමු පැවිදි වහන්සේ මේ හිමියන් බවත් උන්වහන්සේ ගිහි කළ ඇති තරම් ලෞකික සැප සම්පත් විඳ ඇති බවත් පැවසූ කුඩුමීරියේ සෝමිස්සර හිමියෝ උන්වහන්සේට ලෝකයේ ඕනෑම රටකට යාමට වීසා ඇති බවත් ඒ සඳහා ගුවන් බලපතද නොමිලයේ ලැබෙන බවත් සඳහන් කළා.