දකුණු කොරියාවේ සෝල් අගනුවරදී වැරදි දිශාවෙන් ගමන් කළ මෝටර් රථයක් පදිකයින් පිරිසකගේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මෝටර් රථය පදිකයින්ගේ ගැටීමට පෙර එය තවත් වාහන 02ක ගැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර අදාළ අනතුර සිදුවූ ස්ථානයේදීම පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.
අත්අඩංගුවට පත් රියදුරා පවසා ඇත්තේ එකවරම මෝටර් රථයේ වේගය වැඩි වූ බවයි.