අමෙරිකාවේ චිකාගෝ හි දුම්රියක් තුළ දී පුද්ගලයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තිදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලක් වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ගිනිඅවිය සමඟ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
2024 වසරේ මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩි තැබීම් 378ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.