ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව මීළඟ සමාලෝචනය පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ජූලී කෝසැක් කියා සිටියේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ශ්‍රී ලංකීක ජනතාව බවය.
ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව අපගේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා සමග ඉදිරියට යන බව ජූලී කෝසැක් කියා සිටියා.
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අරමුණ බව මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාව තවදුරටත් මූල්‍ය අරමුදලෙන් මිදී නොමැති අතර, රට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහය ලබාදීම තම වගකීම බවටයි ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත් තවදුරටත් මූල්‍ය ප්රගතියේ දුර්වලතා පවතින බැවින් ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවටද ජූලි කොසැක් එහිදී සඳහන් කර තිබුණා.