ජාතික ජන බලවේගය විසින් අද මොනරාගල ප්රදේශයේ පවත්වන ලද ජන රැලියකට සහභාගී වී ආපසු යමින් තිබූ බස් රථයකට ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ මොනරාගල ප්රාදේශීය සභා ක්රීඩාංගණයේදී අද පෙරවරුවේ අනුර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැති ජන හමුවකට එක්ව ආපසු යමින් සිටි පිරිසකට මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි.
ඉන් සිව්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් බුත්තල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.