ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව රිෂි සුනක් පවසයි.
මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි.
ඒ අනුව කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම ද විශේෂත්වයක්.
එලෙස ජය ලැබීමෙන් පසු Keir Starmer බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් Starmer සඳහන් කර ඇත්තේ “වෙනස දැන් ඇරඹෙනවා” යනුවෙන්.
කෙසේවෙතත් තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි.