මැතිවරණ ඉතිහාසයේ සාමකාමී ලෙස පැවැත්වූ හොඳම මැතිවරණය 2024 ජනාධිපතිවරණය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බවයි.
එමෙන්ම බොහෝ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75% ඉක්මවා තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවයි.